Latest News

ගෝලීය ජල අර්බුදයක් ගැන දැඩි අනතුරු ඇඟවීමක්

Published 10 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගෝලීය ජල හිඟ තත්වයක් නොව දැන් ලෝක ජල බංකොලොත්භාවයකට පත්ව ඇතැයි (“global water bankruptcy”) එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ.

ඔවුන් නිකුත් කළ නව ගෝලීය වාර්තාවක් අනුව, ලෝකය දැන් “water stress” හෝ “water crisis” පමණක් නොව, ලෝකමට්ටමේ ජල බංකොලොත්භාවයට පත්ව ඇති බවයි.

මෙම වාර්තාවට අනුව ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජල භාවිතය ස්ථායී මට්ටම ඉක්මවා ගොස් ඇති බවත්, මිනිසා ජල සම්පත් ඉක්මනින් අවසන් කරමින් සිටින බව සඳහන්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවන්නේ, ජලය ආරක්ෂා කරගැනීම, නිසි කළමනාකරණය සහ දීර්ඝකාලීන විසඳුම් නොගත්හොත්, අනාගතයේ මිනිස් ජීවිතය සහ ගෝලීය ආරක්ෂාවට දැඩි අවදානම් මතු විය හැකි බවයි.

හිම කඳු අතුරුදන් වීම, වැව් හා ජලාශ වියළීම සහ භූගත ජල මට්ටම් දිගු කාලීනව පහළ යාම මේ තත්ත්වයට හේතු වී ඇති බවයි UN ජල Think Tank හි අධ්‍යක්ෂ Kaveh Madani පවසන්නේ.

ඒ අනුව ඔහු අනතුරු අඟවන්නේ, ලෝකයේ ජල පද්ධති එකිනෙකට සම්බන්ධ වී ඇති බැවින්, මෙම ගැටලුව ගෝලීය වෙළඳාම, සංක්‍රමණය, දේශගුණික වෙනස්වීම් සහ ජාත්‍යන්තර ආරක්ෂාවටත් බලපානු ඇති බවයි.

අතිශය අවදානම් ප්‍රදේශ ලෙස මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව, දකුණු ආසියාවේ ඇතැම් කොටස්, ඇමරිකා එක්සත් ජනපදයේ නිරිතදිග ප්‍රදේශ නම් කර තිබේ.

ලෝක ජනගහනයෙන් 75%ක් ජල අස්ථිර රටවල ජීවත් වන අත ලෝකය පුරා බිලියන 2.2ක් සුරක්ෂිත පානීය ජලය නොමැති බවට සංඛ්‍යා ලේඛනවලින් පෙන්වාදෙයි.

ලෝකයේ විශාල වැව්වලින් 50%ක් 1,990 පසු ජලය අහිමි කරගෙන ඇති අතර ප්‍රධාන භූගර්භ ජල පද්ධතිවල 70%ක් දිගුකාලීන පසුබෑමක් පෙන්නුම් කෙරෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේ, ජල කළමනාකරණය, කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ සහ පාරිසරික ආරක්ෂාවට දැන්ම ක්‍රියා නොකළහොත්, මෙම ජල බංකොලොත්භාවය තවත් වේගයෙන් පැතිර යා හැකි බවයි.

World News

Send your contact Details Today