Latest News

බංග්ලා­දේ­ශයේ කාන්තා ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු ලෙස ඉහළට

Published 11 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලා­දේ­ශයේ කාන්තා­වන්ට සහ දැරි­යන් ඉලක්ක කර­ගත් ප්‍රච­ණ්ඩ­ත්වය සැල­කිය යුතු අයු­රින් ඉහළ ගොස් තිබෙන බවට එරට කාන්තා කවු­න්සි­ලයේ සභාපතිනිය ආචාර්ය ෆවු­සියා මොස්ලේම් ප්‍රකාශ කළ බව ඩේලි ස්ටාර් පුවත් සේවය වාර්තා කළේය.

එරට මහ­මැ­ති­ව­ර­ණ­යක් ආස­න්නව තිබි­ය­දීත් කාන්තා හා දැරි­යන් සහ සුළු­තර ප්‍රජාව ඉලක්ක කර­ගත් ප්‍රච­ණ්ඩ­ත්වය වාචික, ශාරි­රීක සහ අන්ත­ර්ජාල ක්‍රියාකාරකම් මඟින් බර­ප­තළ ලෙස ඉහළ ගොස් ඇතැයි ද, මූලික මානව හිමි­කම් ආරක්ෂා කිරි­මට අන්ත­ර්වාර රජය අසමත් වී ඇතැයි ද බංග්ලා­දේශ කාන්තා කවු­න්සි­ලයේ සභා­ප­ති­නිය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර තිබේ.

පසු­ගිය වසරේ ජන­වා­රියේ සිට ජූනි මස දක්වා සිදුවී ඇති ස්ත්‍රී පුරු­ෂ­භා­වය මත පද­නම් වූ ප්‍රච­ණ්ඩ­ත්වය ඊට පෙර වසරේ එම කාල වකවානුව තුළ වාර්තා වූ ප්‍රමා­ණ­යට වඩා බෙහෙ­වින් වර්ධ­නය වී ඇතැයි පොලිස් දත්ත සංඛ්‍යා­ලේ­ඛන මඟින් පෙන්නුම් කරන බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today