චීනයෙන් ආනයනය කරනු ලබන විලයනය කරනු ලැබූ ඇලුමීනියම් ඔක්සයිඩ් ද්‍රාවන සඳහා දැඩි තීරුබදු පැනවීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙන බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
ඒ අනුව එම තීරුබදු 88% සිට 110% දක්වා පරාසයකට විහිදෙනු ඇති බවයි වාර්තා වන්නේ.
වීදුරු සහ පිඟන් නිෂ්පාදන සඳහා භාවිත කරන එම ඔක්සයිඩ් ද්‍රාවන ආරක්ෂක උපාංග සම්බන්ධයෙන් ද භාවිත කරන අතර, යුරෝපා සංගමය එම තීරුබදු පනවා ඇත්තේ පරිසර පද්ධතියට සහ වෙළෙඳපොළට හානිකර ලෙස සිදුවන බැහැර කිරීම් මැඬ පැවැත්වීමට බව යුරෝපා සංගමය නිවේදනය කර ඇතැයි ද වාර්තා වේ.
යුරෝපා සංගමයේ කාර්මික ස්වාධීනත්වය ඉහළ නැංවීම ද එමගින් අපේක්ෂා කරන අතර, රොයිටර් පුවත් සේවය සඳහන් කර ඇත්තේ මේ තීරුබදු පැනවීමෙන් යුරෝපා සංගමයේ චීනය මත යැපීම අඩු කිරීමට ද හේතුවනු ඇති බවයි.
එය තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් සීමිත චීන ආනයන සඳහා තීරුබදු රහිත කෝටාවක් ද හඳුන්වා දී තිබේ.