Latest News

ජෙලි ෆිෂ් ආක්‍රමණයක් නිසා මෙල්බන් වෙරළක් තාවකාලිකව වැසෙයි

Published 12 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියා ප්‍රාන්තයේ Port Phillip Bay වෙරළට අද Lion’s Mane Jellyfish විශාල පිරිසක් පැමිණ තිබේ.

මේ හේතුවෙන් මෙල්බන්හි Sandringham Beach වෙරළ වහාම වසා දැමීමටයි බලධාරීන් කටයුුතු කර ඇත්තේ.

Port Phillip Bay හි මේ ගිම්හානයේ jellyfish වැඩි වීම La Niña කාලගුණය නිසා මෙසේ සිදුවිය හැකි බවයි ඔවුන් පැවසුවේ.

අධික වැසි තත්වය හේතුවෙන් මුහුදට පෝෂක ද්‍රව්‍ය වැඩියෙන් එකතුවන අතර එමගින් Jellyfish ආහාර දාමය ශක්තිමත්වීම ද සිදුවෙයි.

පවතින උණුසුම් කාලගුණය සහ ආහාර හේතුවෙන් jellyfish බෝවීමට යහපත් පරිසරයක් ගොඩනගන අතර ජල උෂ්ණත්වය 18°C ඉක්මවූ විට Jellyfish පැටව් බිහිවීමෙන් ගිම්හානයේදී විශාල පිරිසක් ලෙස දිස්වෙයි.

Port Phillip Bay හි හමුවන Lion’s mane jellyfish සාමාන්‍යයෙන් බහුතරයට එතරම් අනතුරක් නොමැති අතර මෘදු දළ වේදනාවක් ඇති කරයි.

නමුත් ඇලර්ජි ඇති අයට නම් හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකි අතර Jellyfish ස්පර්ශ වුවහොත් Fresh Water භාවිතා නොකර මුහුදු ජලයෙන් සෝදන ලෙසත් උණු ජලයට විනාඩි 20ක් දමා තබන ලෙසත් උපදෙස් දෙයි.

මෙම Jellyfish වල දිගු දළ වලින් දරුණු වේදනාව, රතු වීම සහ කැසීම් ඇතිවිය හැකි බවයි ඔවුන් පෙන්වාදෙන්නේ.

World News

Send your contact Details Today