දකුණු ස්පාඤ්ඤයේ කොර්ඩෝබා (Cordoba) ප්‍රදේශයේදී සිදුවූ දරුණු අධිවේගී දුම්රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මලගා සිට මැඩ්රිඩ් බලා ධාවනය වූ අධිවේගී දුම්රියක් හදිසියේ පීලි පැනීමකට ලක්වී, අසල ඇති අනෙක් පීල්ලේ ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙම දරුණු ගැටීමත් සමඟ දෙවන දුම්රිය ද පීලි පැන බැම්මකින් පහළට පෙරළී ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම අනතුර සිදුවූ ආකාරය ඉතා “අසාමාන්‍ය” එකක් බවයි මැඩ්රිඩ් නුවර අටෝචා (Atocha) දුම්රිය ස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ (Oscar Puente) ප්‍රකාශ කළේ.
මියගිය සංඛ්‍යාව 21ක් වන අතර තවත් පුද්ගලයින් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වෙන්නේ.
ඉන් 25 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
සහන සේවා කණ්ඩායම් සහ හමුදාව එක්ව දැනටමත් මුදාගැනීමේ කටයුතු සිදුකරමින් පවතින අතර අනතුරට හේතුව සෙවීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.