අමෙරිකාවේ බටහිර වෙරළ තීරයේ රික්ටර් මාපකයේ ඒකක 6ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
භූකම්පනය හේතුවෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුව නොමැති අතර සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කර නොමැති බව සඳහන්.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS) අනුව, මෙම බලගතු භූ කම්පනය සැතපුම් 4.4 (කිලෝමීටර් 7.1) ක නොගැඹුරු ගැඹුරකින් සිදු වී ඇති අතර, එහි අපිකේන්ද්‍රය බැන්ඩන් නගරයට සැතපුම් 186 ක් දුරින් පිහිටා තිබෙන බව එම මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.