අමෙරිකාවේ බලපෑම් හේතුවෙන් ග්‍රීන්ලන්තයට යුරෝපා භට ඛණ්ඩ යොමු කර තිබේ.
ග්‍රීන්ලන්තයට යුරෝපය යොමු කළ භට ඛණ්ඩයට ප්‍රංශ සොල්දාදුවන් 15 දෙනෙකු, ජර්මනියේ සොල්දාදුවන් 13 දෙනෙකු, නෝර්වේ හා ස්වීඩන් සොල්දාදුවන් ද ඇතුළත්.
ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව තහවුරු කිරීම මෙලෙස යුරෝපා භට ඛණ්ඩ යොමු කිරීමේ ප්‍රධානම අරමුණ බවයි ඩෙන්මාර්කය සඳහන් කරන්නේ.
ග්‍රීන්ලන්තය, ඩෙන්මාර්කය හා ඇමෙරිකාව අතර පැවති සාකච්ඡාවලදී මූලික එකඟතාවයකට නොපැමිණීමත් සමඟයි යුරෝපා භට ඛණ්ඩ ග්‍රීන්ලන්තයට පැමිණ ඇත්තේ.
මෙය සංඛේතාත්මක ක්‍රියාවලියක් ලෙස යුරෝපය පෙන්වා දෙයි.
භූමිය හඳුනාගැනීම හා යුරෝපා සංගමයේ ධජය ග්‍රීන්ලන්තයේ සිටුවීම සංකේතාත්මකව මෙහිදී සිදු කර තිබේ.