නෝබෙල් ත්‍යාගයක් වරක් ප්‍රකාශයට පත් කළ පසු, එය අවලංගු කිරීමට, බෙදා ගැනීමට හෝ වෙනත් අයෙකුට පැවරීමට නොහැකි බව නෝර්වීජියානු නෝබෙල් කමිටුව නිවේදනය කරයි.
නොබෙල් කමිටුව විසින් වරක් ප්රදානය කරන ලද නොබෙල් ත්‍යාගය පිළිබඳ තීරණය එතැනින් අවසාන වන අතර එය සදාකාලිකව පවතින බවයි කමිටුව අවධාරණය කරන්නේ.
නොබෙල් පදක්කමක් අයිතිකරුගෙන් වෙනත් අයකුට මාරු විය හැකි වුවද, නෝබෙල් සාම ත්‍යාගලාභියෙකු යන ගෞරව නාමය කිසිසේත්ම වෙනස් කළ නොහැකි බව ද කමිටුව පෙන්වා දෙයි.
මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ මෙවර නොබෙල් සාම ත්‍යාගය හිමි වූ වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව වන මාරියා මචාඩෝ විසින් එය අමෙරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප්ට දීමෙන් පැය කිහිපයකට පසුවයි.
සමහර නෝබෙල් සාම ත්‍යාග පදක්කම්, ඒවා පිරිනැමීමෙන් පසුව වෙනත් පාර්ශ්වයන් වෙත පවරා ඇති බවට මීට පෙර ද උදාහරණ පැවති බවයි කමිටුව පවසන්නේ.
මෙයට ප්‍රසිද්ධ උදාහරණයක් වන්නේ දිමිත්‍රි මුරතොව්ගේ පදක්කමයි. යුක්රේන යුද්ධයෙන් අවතැන් වූ සරණාගතයින්ට සහාය වීම සඳහා ඔහුගේ පදක්කම ඇමරිකානු ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලකට වෙන්දේසි කර තිබුණි.
එසේම, නෝබෙල් සාම මධ්‍යස්ථානයේ ප්‍රදර්ශනය කර ඇති පදක්කම ද දැනට ණය පදනම මත ලබාගෙන ඇති එකක් වීම විශේෂත්වයක්.
එය මුලින්ම අයත් වූයේ නෝර්වේහි පළමු සාම ත්‍යාගලාභියා වූ ක්‍රිස්ටියන් ලූස් ලැන්ජ්ටයි.
කෙසේ වෙතත්, මේ සියල්ල මැද එක් සත්‍යයක් නොවෙනස්ව පවතින බවත් ඒ එය වෙනත් අයකුට පැවරිය නොහැකි බව යැයි නොබෙල් කමිටුව අවධාරණය කරයි.
නෝබෙල් සාම ත්‍යාග පදක්කම රත්රන්වලින් නිමවා ඇති අතර, එහි විෂ්කම්භය සෙන්ටිමීටර 6.6 කි. එය ග්‍රෑම් 196 ක බරකින් යුක්තයි.
මෙම පදක්කමේ ඉදිරිපස ඇල්ෆ්‍රඩ් නෝබෙල්ගේ රුව සටහන් කර ඇති අතර, එහි පසුපස සහෝදරත්වයේ සංකේතයක් ලෙස එකිනෙකාගේ කරට අත තබාගත් නිරුවත් පිරිමි පුද්ගලයන් තිදෙනෙකුගේ රුවක් දැක්වෙයි.
මෙම නිර්මාණය වසර 120 ක් තිස්සේ කිසිදු වෙනසක් සිදු නොවී පවතින්නක්.