Latest News

චීනයේ මෝටර් රථ කර්මාන්තයේ නව වාර්තා කිහිපයක්

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී නව වාර්තා පිහිටුවීමට සමත්ව තිබේ.

චීන මෝටර් රථ කර්මාන්ත සංගමය අද(14) නිකුත් කළ දත්තවලට අනුව 2025 වසරේ රටේ මෝටර් රථ නිෂ්පාදන ධාරිතාව සහ අලෙවිය මිලියන 34.5ක් සහ මිලියන 34.4ක් වන බව සඳහන් වන අතර එය වාර්ෂිකව 10.4% ක සහ 9.4%ක වැඩිවීමක්.

එය නව ඓතිහාසික වාර්තාවක් වන අතර ඒ අනුව චීනය අඛණ්ඩව 17 වන වසරටත් ලොව විශාලතම මෝටර් රථ වෙළඳපොළ බවට පත්වෙයි.

එමෙන්ම නව බලශක්ති වාහනවල නිෂ්පාදනය සහ අලෙවිය ඒකක මිලියන 16 ඉක්මවා තිබේ.

දේශීය අලෙවිය 50% කට වඩා වැඩි නව බලශක්ති වාහන, රටේ මෝටර් රථ වෙළඳපොලේ ප්‍රමුඛ බලවේගය බවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෝටර් රථ අපනයනය ඒකක මිලියන 7කට අධිකයි.

ඒ අතර, නව බලශක්ති වාහන අපනයනය ඒකක මිලියන 2.615ක් දක්වා ළඟා වී ඇති අතර, එය වාර්ෂිකව දෙගුණයක් දක්වා වර්ධනය වීමත් විශේෂත්වයක්.

World News

Send your contact Details Today