අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය අලෙවි කරමින් ඩොලර් මිලියන ගණනාවක මුදලක් උපයා ගත් බව කියන චීන ජාතිකයකු ප්‍රාන්ත ආරක්ෂක ඒජන්සිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචි යැන් ලින් නමැති 41 හැවිරිදි මේ පුද්ගලයා මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් කුලියට ගත් තැරව්කරුවකු බවට හඳුනාගෙන ඇති අතර, එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් ඔහු ඩොලර් මිලියන 27.4ක මුදල් තොගයක් උපයාගෙන ඇතැයි අමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට ගෙන ඔහියෝ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටි සැකකරුට එරෙහිව නඩු පවරා ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඔහු වරදකරු ලෙස තහවුරු වුවහොත් වසර 20ක උපරිම සිර දඬුවමකට ලක්වනු ඇතැයි ද කැලිෆෝනියා ප්‍රාන්ත ආරක්ෂක ඒජන්සිය සඳහන් කර ඇත.
මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තැරැව්කරුවන්ට විශාල මුදලක් උපයා ගැනීමට අවස්ථාව ලබාදෙමින් අමෙරිකාව තුළ සිය ජාවාරම් කටයුතු සිදු කරමින් සිටින අතර, එවැනි තොරතුරු රැසක් මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට පත්වූවන්ගෙන් හෙළිදරවු කරගැනීමට අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ සමත් වී ඇතැයි ද වාර්තා වේ.