ඇෆ්ගනිස්තාන නිදහස් මාධ්‍යවේදියෙක්, පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලීසිය විසින් රඳවා තබා සිටින බව කාමා පුවත් සේවය වාර්තා කළේය.
ඔහු බලහත්කාරයෙන් රටින් පිටුවහල් කිරීමේ තීරණයකට අනුව එසේ රඳවා තබා ඇතැයි ද ඇෆ්ගනිස්තානයේ ජාතික පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වුවත් ඉස්ලාමාබාද් පොලීසිය ඇෆ්ගන් මාධ්‍යවේදියා රඳවා තබා ගැනීමට නිශ්චිත හේතුවක් මෙතෙක් ප්‍රකාශ කර නැති අතර, ඒ පිළිබඳ තොරතුරු හෙළි කර නොමැති බව ද වාර්තා වේ.
පාකිස්තානයේ ලියාපදිංචි නොවූ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් බලහත්කාරයෙන් රටින් පිටුවහල් කිරීමේ සෝදිසි මෙහෙයුමක් ද ඉස්ලාමාබාද් පොලීසිය ආරම්භ කර ඇති බවත්, ඒ සඳහා නිවාස පරීක්ෂා කිරීම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බවත් කාමා පුවත් සේවය සඳහන් කළේය.
එම මෙහෙයුම යටතේ ඇෆ්ගන් ජාතික මාධ්‍යවේදීන් තවත් කිහිපදෙනකු ද රඳවා තබා සිටින බව වාර්තා වේ.
රඳවා තබා සිටින මාධ්‍යවේදීන් කිසිදු නීතිමය ආරක්ෂාවක් නොමැතිව අසරණ තත්ත්වයෙන් පසුවන බවද කාමා පුවත් සේවය සඳහන් කළේය.