Latest News

මානව හිමිකම් සංවිධානයක් විසින් පාකිස්තානයට සිය කනස්සල්ල පළ කරයි

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානයට සිය කනස්සල්ල පළ කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් වාර්තාවක් නිකුත් කර තිබේ.

ඒ රට තුළ සිටින සංක්‍රමණිකයින් නීතිවිරෝධී ලෙස රඳවා තබාගැනීම, හිරිහැර කිරීම සහ බලහත්කාරයෙන් ආපසු හරවා යැවීම පිළිබඳයි.

ඒ අනුව ඇම්නෙස්ටි පාකිස්තානයෙන් ඉල්ලා ඇත්තේ ඇෆ්ගන් සංක්‍රමණිකයින් පිටුවහල් කිරීම වහාම නතර කරන ලෙසයි.

පාකිස්තාන අගමැතිවරයා වෙත යොමු කරන ලද විවෘත ලිපියක, ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පාකිස්තානය ඇෆ්ගන් සරණාගතයින්ට සැලකීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වී සිටින බවත්, ජාත්‍යන්තර නීතියට අනුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කරන ලෙසත් ඉල්ලා තිබේ.

2025දී ඉරානයෙන් සහ පාකිස්තානයෙන් අවම වශයෙන් ඇෆ්ගන් ජාතිකයින් මිලියන 2.8 ක් නැවත ඇෆ්ගනිස්තානයට පැමිණ ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.

World News

Send your contact Details Today