Latest News

චීන ජනපතිගෙන් සුවිශේෂී පොරොන්දුවක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම විනය පරීක්ෂණ කොමිසමේ පස්වැනි පූර්ණ සැසිවාරය ඊයේ (12) චීන ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්විය.

ඒ චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදී පක්ෂයේ සමස්ත නායකත්වය තහවුරු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ ඔහු, ඉහළ ප්‍රමිතීන් සහ වඩාත් ප්‍රායෝගික පියවර සමඟ පක්ෂයේ දැඩි පාලනය ඉදිරියට ගෙන යා යුතු බව ද සඳහන් කළේය.

මධ්‍යම කාරක සභාවේ වැදගත් තීරණ සහ සැලසුම් වඩාත් අධිෂ්ඨානශීලීව ක්‍රියාත්මක කිරීමේදී ආයතනික රෙගුලාසිය තුළ වඩාත් විද්‍යාත්මකව හා ඵලදායී ලෙස බලය සීමා කරමින් දූෂණ විරෝධී අරගලය වඩාත් පැහැදිලිව හා ස්ථිරව ඉදිරියට මෙහෙයවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

රටේ 15වන පස් අවුරුදු සැලැස්මේ ඉලක්ක හා මෙහෙවර ඉටු කිරීම සඳහා මෙයින් ස්ථිර සහතිකයක් ලබා දිය හැකි බව ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

World News

Send your contact Details Today