Latest News

වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව සහ ට්‍රම්ප් අතර හමුවක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසුවෙලාවේ විපක්ෂ නායිකාව වන මරියා මචාඩෝ ලබන 15 වැනිදා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව ධවල මන්දිරය තහවුරු කර තිබේ.

වෙනිසුවෙලානු භූමියේදී එරට ජනාධිපති නිකලස් මදූරෝ සහ එම ආර්යාව ග්‍රහණයට ගැනීමේ අමෙරිකානු මෙහෙයුමෙන් පසු ට්‍රම්ප් සහ මචාඩෝ හමුවන පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට මරියා මචාඩෝ පිළිබඳ පැහැදීමක් නොමැති බවත් විදෙස් වාර්තා පවසයි.

ඒ මරියා මචාඩෝ දිගින් දිගටම අමෙරිකානු හමුදා මෙහෙයුම් අගයමින් සහ අමෙරිකාවට ස්තුතිය පළ කරමින් අමෙරිකාවට පක්ෂපාතී බව පෙන්නුම් කළද ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී, මරියා මචාඩෝට නොබෙල් සාම ත්‍යාගයද හිමිවුණි.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එම සම්මානය බලාපොරොත්තුවෙන් සිටි පසුබිමකය.

තමන් යුධ ගැටුම් හතක් අවසන් කර ඇති බැවින් අවස්ථා ගණනාවකදී, සාම ත්‍යාගයට තමන් සුදුසු බව ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් ත්‍යාගය හිමිවුණේ, වෙනිසුවෙලානු විපක්ෂ නායිකාවටය.

පසුගියදා, Fox News ඔස්සේ ප්‍රවෘත්ති සකච්ඡාවකට එක්වෙමින්, තාමාට ලැබුණු නොබෙල් ත්‍යාගයට වඩාත් සුදුසු වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා බවත්,, මේ හේතුවෙන් නොබෙල් සම්මානය තමන් ට්‍රම්ප් වෙනුවෙන් කැපකරන බවත්, මරියා මචාඩෝ ප්‍රකාශ කරන ලදි.

World News

Send your contact Details Today