Latest News

ඕස්ට්‍රේලියාවේ වසා දැමු සමාජ මාධ්‍ය ගිණුම් ගැන Meta වෙතින් නවතම අනාවරණයක්

Published 19 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙසැම්බර් 4 සිට දෙසැම්බර් 11 දක්වා කාලය තුළ වයස ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16 ට අඩු පරිශීලකයින්ට අයත් ගිණුම් 544,052 ක් තහනම් කළ බව Meta ආයතනය පවසයි.

බොහෝ ගිණුම් Instagram සහ Facebook බවද ඔවුන් සඳහන් කර ඇත.

ඒ අනුව ඕස්ට්‍රේලියා සමාජ මාධ්‍ය තහනමෙන් පසු සමාජ මාධ්‍ය ගිණුම් මිලියන භාගයකට වඩා වසා දමා ඇති බවයි Meta හෙළිකර ඇත්තේ.

Meta ජ්‍යෙෂ්ඨ ගිණුම් විධායක කැත්ලීම් වොල්ෂ් තහනමට එරෙහිව සමාගමේ ස්ථාවරය නැවත අවධාරණය කරමින් කියාසිටියේ වයස අවුරුදු 16 ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය ගිණුමක් තබා ගැනීම වළක්වන නීතියේ මූලික කරුණ කිසිදු ඵලදායිතාවක් නොවන බවයි.

අදාළ තහනම සම්බන්ධයෙන් Meta හි ප්‍රධාන ගැටළුවක් ලෙස වොල්ෂ් පවසන්නේ අන්තර්ජාල ප්‍රජාවන්ගෙන් යෞවනයන් හුදකලා වීම සහ තහනම ආරක්ෂා කිරීමට යෞවනයන්ට සහ දෙමාපියන්ට උනන්දුවක් නොමැති බවයි.

World News

Send your contact Details Today