ඉරානය රජය විසින් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ එරට පුරා පසුගිය සති දෙකක කාලය තුළ පැවති දැඩි නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය ‘විරුවන්’ සිහිපත් කිරීම සඳහායි.
ඒ අනුව රජයට එරෙහි අරගලයේදී රජය විසින් බලය යෙදවීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය වගකිව යුතු බවට ඉරානය චෝදනා කරයි.
ඉරාන රියාල් මුදල් ඒකකයේ අගය සීග්‍රයෙන් පහත වැටීම සහ සහනාධාර ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම විරෝධතා මුලින්ම ඇවිලිණි.
ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් රජයේ රූපවාහිනිය සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදී පවසා සිටියේ, විරෝධතාවලට හේතු වූ ආර්ථික ගැටලු විසඳීමට තම රජය සූදානම් බවයි.
එමෙන්ම කැරලිකරුවන්ට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවට ඔහු එහිදී අනතුරු ඇඟවිය.
වෙළඳපොළ ස්ථාවර කිරීමට, නිෂ්පාදනය ඉහළ නැංවීමට සහ ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි කිරීම සඳහා ප්‍රධාන සහනාධාර ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එහි වත්මන් ප්‍රගතිය පිළිබඳවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, දහස් ගණනක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් සිදුවෙද්දීත් තවදුරටත් විරෝධතා ක්‍රියාත්මකයි.