Latest News

‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ රොක් සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ බොබ් වීර් ජිවිතක්ෂයට

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමරිකානු රොක් සංගීත කණ්ඩායමක් වන ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ සම නිර්මාතෘ බොබ් වීර් ජිවිතක්ෂයට පත් වී තිබේ.

පිළිකාවක් හේතුවෙන් ඊයේ (10) බොබ් වීර් මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ ගිටාර් වාදකයෙකු ලෙස කටයුතු කළ බොබ් වීර් මියයන විට 78 වන වියේ පසුවිය.

පසුගිය ජූලි මාසයේදී වීර්ට පිළිකාවක් ඇති බව හඳුනා ගත බවයි ඔහුගේ පවුලේ ඥාතීන් පවසන්නේ.

සැන් ෆ්රැන්සිස්කෝ හිදී උපත ලැබූ බොබ් වීර් ගිටාර් වාදකයෙකු, ගායන ශිල්පියෙකු සහ සංගීත අධ්‍යක්ෂවරයෙකු ලෙස ‘ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩාය තුළ කටයුතු කළේය.

පසුගිය ගිම්හාන කාලයේ දී ග්‍රේට්ෆුල් ඩෙඩ්’ සංගීත කණ්ඩායමේ 60 වන සංවත්සරය සැමරීම සඳහා සැන් ෆ්‍රැන්සිස්කෝ හි ගෝල්ඩන් ගේට් උද්‍යානයේ ප්‍රසංග සඳහා නැවත එක් වූ බොබ් වීර් පිළිකාව සඳහා ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ එම ගිම්හාන ප්‍රසංගවලට සති කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ.

World News

Send your contact Details Today