Latest News

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම ගැන ට්‍රම්ප් කියන අලුත් කතාව

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

වෙනිසියුලාවේ ආයෝජන පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තෙල් විධායකයින් සමග ධවල මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ට්‍රම්ප් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගත හොත් රුසියාව හෝ චීනය ග්‍රීන්ලන්තය අත්පත් කර ගනු ඇති බවට තමා විශ්වාස කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් ඇමෙරිකාව ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ඩෙන්මාර්කය ඇතුළු අනෙකුත් යුරෝපීය රටවල් විරෝධය පල කර තිබුණත් මෙම භූමිය මිලදී ගැනීමට හෝ මිලිටරි බලය භාවිත කර අත්පත් කර ගැනීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

ග්‍රීන්ලන්ත අගමැති ජේන්ස් ෆෙඩ්‍රික් නීල්සන් සහ විදේශ අමාත්‍ය විවියන් මොට්ස්ෆෙල්ඩ් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබෙන්නේ ග්‍රීන්ලන්තය විකිණීමට කිසිදු අදහසක් නොමැති බවත් මෙම රට ග්‍රීන්ලන්ත ජනතාවට අයිති බවයි.

World News

Send your contact Details Today