Latest News

ජපානයේ ටූනා මත්ස්‍යයෙක් වාර්තාගත මිලකට අළෙවි වෙයි

Published 23 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

‘බ්ලූෆින්’ වර්ගයේ ටූනා මත්ස්‍යයෙකු යෙන් මිලියන 510ක වාර්තාගත මිලකට (අ.ඩො. මිලියන 3.2කට) අළෙවි වී තිබේ.

ඒ ජපානයේ ටොයෝසු මත්ස්‍ය වෙළෙඳපොළේ වාර්ෂිකව පැවැත්වෙන මත්ස්‍ය වෙන්දේසියේදීයි.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු. කෝටි 100කට (රු. 993,076,160) ආසන්නයි.

උතුරු ජපානයේ ඕමා වෙරළට ඔබ්බෙන් අල්ලාගෙන ඇති මෙම යෝධ ටූනා මත්ස්‍යයා කිලෝග්‍රෑම් 243 (රාත්තල් 536)ක බරකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කියොමුරා සමාගම විසින් මෙම මත්ස්‍යා මිලදීගෙන ඇති අතර, එය ටොයෝසු මත්ස්‍ය වෙළඳපොළේ වාර්ෂිකව පැවැත්වෙන අලුත් අවුරුදු වෙන්දේසියකදී මත්ස්‍යයෙකු එතෙක් මෙතෙක් අලෙවි වූ ඉහළම වටිනාකම ලෙසයි ඉතිහාසගත වන්නේ.

මීට පෙර එම වෙන්දේසියේ මත්ස්‍යයෙකු ඉහළම මිලකට අලෙවි වී තිබුණේ 2019 වසරේදීයි.

World News

Send your contact Details Today