අමෙරිකාවේ සෝල්ට් ලේක් නගරයේ පිහිටි දේවස්ථාන ගොඩනැගිල්ලක පිටත සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබේ.
මෝමන් නැමැති ක්‍රිස්තියානි දේවස්ථානයක් අසළ වාහන නතර කිරීමේ ස්ථානයක මෙම වෙඩි තැබීම සිදු ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
එම අවස්ථාවේ දේවස්ථානය තුළ අවමංගල්‍ය කටයුත්තක් සිදුවෙමින් පැවැති බව සදහන් වේ.
වෙඩි තැබීම සිදුකළ කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මේ දක්වා සමත්ව නැතැයි බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.