Latest News

සුපිරි නලු තලපති විජේගේ අවසාන චිත්‍රපටය නිකුත් කිරීම කල්දමයි

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු ඉන්දීය සුපිරි නලු තලපති විජේගේ අවසාන සිනමා නිර්මාණය ලෙස සැලකෙන Jana Nayagan චිත්‍රපටය නිකුත් කිරීම නිල වශයෙන් කල්දමා තිබේ.

මේ පිළිබඳව චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වන KVN Productions සිය නිල X ගිණුම මගින් තහවුරු කර තිබේ.

මෙම කල් දැමීම සිදුවූයේ, මද්‍රාස් මහ අධිකරණය විසින්, චිත්‍රපටයට සංසර් (censor) සහතිකය නිකුත් නොකිරීම සම්බන්ධයෙන් Central Board of Film Certification (CBFC)ට එරෙහිව ගොනු කළ පෙත්සම පිළිබඳ නියෝගය රඳවා තැබීමෙන් පැය කිහිපයකට පසුවයි.

මෙම නඩුව විභාග සිදුකළ නීතිපතිනි P T Asha, දෙපාර්ශවයේම තර්ක අසා, නියෝගය ජනවාරි 9 දින ප්‍රකාශයට පත් කළ හැකි බව දැනුම් දී ඇති අතර එම දිනයම චිත්‍රපටය ලොව පුරා තිරගත කිරීමට සැලසුම් කර තිබීම විශේෂත්වයක්.

CBFC වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් A R L Sundaresan පැවසුවේ, පරීක්ෂණ කමිටුවේ සාමාජිකයෙකු විසින් ඉදිරිපත් කළ විරෝධතා පැමිණිල්ලක් මත, චිත්‍රපටය විශාල revising committee(සංශෝධන කමිටුව) එකකට යොමු කිරීම නීතියෙන් අවසර ඇති ක්‍රියාවක් බවයි.

චිත්‍රපට නිෂ්පාදන සමාගම පවසන්නේ එම කමිටුව නිර්දේශ කළ කප්පාදු හා වෙනස්කම් සියල්ලම නිෂ්පාදකයින් විසින් දැනටමත් සිදු කර ඇති බවත්, එවැනි තත්ත්වයක, එකම සාමාජිකයෙකුගේ විරෝධය මත ක්‍රියාවලිය නැවත විවෘත කිරීම සාධාරණ නොවන බවයි.

අධිකරණයේ නියෝගය රඳවා තැබීමෙන් පසු, KVN Productions නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, “ජනවාරි 9 නිකුත් කිරීමට සැලසුම් කර තිබූ ‘Jana Nayagan’ චිත්‍රපටය, අපගේ පාලනයෙන් පිටත ඇති නොවැළැක්විය හැකි හේතු මත කල් දමා ඇත. නව නිකුත් දිනය ඉක්මනින් ප්‍රකාශයට පත් කරනු ඇත.” ලෙසටයි.

මෙම චිත්‍රපටයෙන් පසු විජෙයි පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසීමට පිවිසීමට නියමිතයි.

මීට පෙර ඔහුගෙ තලෙයිවා (2013) චිත්‍රපටයට ද මෙවැනිම හේතු කාරණා නිසා නිකුත් කිරීමේදී බාධා ඇති වී එය කල් දැමීමට සිදුවිය.

World News

Send your contact Details Today