Latest News

අමෙරිකාවේ දහස් සංඛ්‍යාත ජනතාවක් වෙඩි තැබීමක් සිදුවූ ස්ථානයකට රැස්වී විරෝධතාවල

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මිනියාපොලිස් නගරයේ ඊයේ(07) සිදුකළ ආගමන විගමන වැටලීමකදී, එක්සත් ජනපද ආගමන හා රේගු බලාත්මක කිරීම (ICE) නියෝජිතයෙකු විසින් මෝටර් රථයක් තුළ සිටි කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තිබේ.

37 හැවිරිදි ඇයගේ ඝාතනයත් සමඟ මිනියාපොලිස් නගරාධිපතිවරයා සහ ෆෙඩරල් රජය අතර දැඩි මතභේදයක් හටගෙන තිබෙන බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මියගිය කාන්තාව රීනි නිකෝල් ගුඩ් ලෙස හඳුනාගෙන ඇති අතර, ඇය සිය අසල්වැසියන් රැකබලා ගනිමින් සිටියදී ෆෙඩරල් රජය අතින් ජීවිතය අහිමි වූ බව නගර සභාව ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු ස්වදේශීය ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොයේම් පවසන පරිදි, හිම අතර සිරවී තිබූ වාහනයකට සහය වෙමින් සිටි නියෝජිතයන්ට පිරිසක් බාධා කර තිබුණි.

එහිදී ගුඩ් නමැති කාන්තාව දවස පුරා ඔවුන්ව ලුහුබැඳ ගොස් ඔවුන්ගේ වාහනය අවහිර කළ බව ඇය වැඩිදුරටත් පැවසුවාය.

නමුත් මිනියාපොලිස් නගරාධිපතිවරයා රජයේ මෙම ස්වයං ආරක්‍ෂාව පිළිබඳ තර්කය සපුරා ප්‍රතික්ෂේප කරයි.

අදාළ වීඩියෝ දර්ශන මගින් රජයේ ප්‍රකාශය අසත්‍ය බව තහවුරු වන බවත්, ICE නියෝජිතයන් වහාම නගරයෙන් ඉවත් විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මෙම සිදුවීමත් සමඟ දහස් සංඛ්‍යාත ජනතාවක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයට රැස්වී විරෝධතාවල නිරත වෙයි.

එහිදී විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා සන්නද්ධ ෆෙඩරල් නියෝජිතයන් විසින් රසායනික ද්‍රව්‍ය භාවිතා කර ඇති බව වාර්තා වේ.

මෙම ඝාතනය අමෙරිකාවේ ප්‍රධාන නගර කිහිපයක විරෝධතා ඇති වීමට හේතු විය හැකි බවටයි මත පළවී ඇත්තේ.

World News

Send your contact Details Today