Latest News

වෙනිසියුලාවේ මාධ්‍යවේදීන් 14 දෙනකු එරට රජය විසින් අත්අඩංගුවට

Published 24 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකන් හමුදාව විසින් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇති වූ තත්ත්වය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් 14 දෙනකු වෙනිසියුලා රජය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

වෙනිසියුලා මාධ්‍ය සේවක සංගමය ප්‍රකාශ කළේ අත්අඩංගුවට ගත් පිරිසෙන් එක් අයෙකු හැර අනෙක් සියලු දෙනාම විදෙස් මාධ්‍ය ආයතනවලට සම්බන්ධ මාධ්‍යවේදීන් බවයි.

දැඩි ලෙස ප්‍රශ්න කිරීමෙන් පසු මාධ්‍යවේදීන් කීප දෙනකු නිදහස් කළ බවත්, එයින් ද එක් මාධ්‍යවේදියකු රටින් පිටුවහල් කිරීමට වෙනිසියුලා රජය පියවර ගත් බවත් වෙනිසියුලා මාධ්‍ය සේවක සංගමය වැඩි දුරටත් පවසා ඇත.

වෙනිසියුලාව තුළ විදේශීය මාධ්‍ය වෙත දිගු කලක සිට දැඩි සීමා පනවා තිබුණු අතර, එහි රාජකාරි සඳහා වීසා බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ඉතා සුළු පිරිසකට පමණි.

මේ වනවිට වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කරන්නේ උප ජනාධිපති ධුරයේ සිටි ඩෙල්සි රොඩ්රිගස්ය.

ඇය අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ද ප්‍රතිඥා දී ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ වෙනිසියුලාවේ පාලනය ඇත්තේ අමෙරිකාව සතුව බවය.

World News

Send your contact Details Today