වෙනිසියුලාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් බැරල් මිලියන 50ක පමණ ප්‍රමාණයක් එවනු ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
ඒ අනුව එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම රටවල් දෙකෙහිම යහපත සඳහා යොදවන බවයි ඔහු පවසන්නේ.
වෙනිසියුලාවේ අන්තර්කාලීන බලධාරීන් විසින් උසස් තත්ත්වයේ බොරතෙල් බැරල් මිලියන 30ත් 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට භාර දෙනු ඇති බවයි ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ.
මෙම සැලසුම වහාම ක්‍රියාත්මක කරන ලෙස තමන් බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් වෙත දැනුම් දුන් බව ද ඔහු පවසා තිබේ.
ජනපති ට්‍රම්ප් පවසන පරිදි, මෙම තෙල් තොග ගබඩා නෞකා මගින් සෘජුවම අමෙරිකානු වරායන් වෙත රැගෙන එනු ලබයි.
වත්මන් වෙළෙඳපොළ මිල අනුව මෙම තෙල් තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.8කට වඩා වැඩි විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි.