වෙනිසියුලාව සැමවිටම සාමයට කැපවී සිටින බවත්, එක්සත් ජනපදය සමඟ සමබර හා ගෞරවනීය සබඳතා කරා ගමන් කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්‍රිගස් පවසයි.
ජාත්‍යන්තර නීතියේ රාමුව තුළ සහයෝගීතාවයේ න්‍යාය පත්‍රයක් මත වෙනිසියුලාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසටයි ඇය අමෙරිකා එක්සත් ජනපදයට ආරාධනා කරන්නේ.
වෙනිසියුලාව සාමය, සංවර්ධනය, ස්වෛරීභාවය සහ අනාගතයක් සඳහා අයිතියක් ඇති බවයි වැඩබලන ජනාධිපතිනිය වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර වෙනිසියුලාව මේ වනවිට පාලනය කරන්නේ එක්සත් ජනපදය බව පැවසූ ජනාධිපති ට්‍රම්ප්, මදුරෝගේ බලයේ සිටින ඉතිරි සහචරයින් මීට සහායවීමට අපොහොසත් වුවහොත් තවත් මිලිටරි ප්‍රහාරයක් ගැන නැවතත් අනතුරු ඇඟවීමක් ද සිදුකරනු ලැබුවා.