Latest News

ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයට අවාසනාවන්ත ඉරණමක්

Published 30 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පුස්තකාලය වසර 66කට පසුව අද (02) වසා දමා තිබේ.

ඒ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් අරමුදල් කප්පාදු කිරීමත් සමඟ ඇතිවී ඇති සීමාවන් හේතුවෙන්.

ගෝලීය අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන එම පුස්තකාලය නාසා ආයතනය සතු විශාලතම පර්යේෂණ පුස්තකාලය බවද විදෙස් වාර්තා වල සඳහන් වේ.

හබල් දුරේක්ෂය සහ ජේම්ස් වෙබ් දුරේක්ෂය ඇතුළු නාසා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් දියත් කිරීම සහ පවත්වාගෙන යාම වෙනුවෙන්ද අදාළ පුස්තකාලය දායක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2026 වසරේ මාර්තු මාසය වන විට ගොඩර්ඩ් අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයේ තවත් ගොඩනැගිලි 13 ක් සහ විද්‍යාගාර 100 කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමටත් නියමිත වේ.

World News

Send your contact Details Today