උතුරු කොරියා නායක කිම් ජොන් උන් කුම්සුසාන් සොහොන් ගැබට පුෂ්පෝපහාර දැක්වීමට ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කිම් ජොන් උන්ගේ දියණිය ජූ ඒ ද එම අවස්ථාවට එක් වූ බව සඳහන්.
උතුරු කොරියා නායකයන්ගේ දේහයන් තැන්පත් කර ඇත්තේ, එරට යොංග්යැංග් අගනුවර පිහිටි මෙම කුම්සුසාන් සොහොන් ගැබ තුළය.
දියණිය ජූ ඒ කුම්සුසාන් සොහොන් ගැබට ගොස් ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව වන්නේ මෙය බව ද සඳහන්.
නායක කිම් ජොන් උන්ගේ බිරිඳ මෙන්ම, ජූ ඒගේ මෑණියන් ද වන රී සෝල් ජූ ද පුෂ්පෝපහාර දැක්වීමට කුම්සුසාන් සොහොන් ගැබට පැමිණි බව උතුරු කොරියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.