තායිවානය වටා චීන හමුදාව සිදු කළ හමුදා අභ්‍යාසය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ප්‍රතිචාර දක්වා තිබේ.
ඒ අනුව චීනයේ මෙවැනි ක්‍රියා මගින් යුද්ධය උත්සන්න වීමේ අවදානම වැඩි කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාලය පවසා ඇත්තේ.
එබැවින් සංයමයෙන් කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍ය චීනයෙන් ඉල්ලීමක් කර තිබේ.
එමෙන්ම තායිවාන ගැටලුව යනු තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම ජනතාව විසින් ඵලදායී සංවාදයක් හරහා සාමකාමීව විසඳා ගත යුතු ගැටලුවක් ලෙස බ්‍රිතාන්‍ය සලකන බවයි බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය පවසා ඇත්තේ.
එබැවින් තර්ජනයක් හෝ බලයක් හෝ බලහත්කාරකමක් භාවිත නොකර ගැටලු විසඳා ගත යුතු බවද බ්‍රිතාන්‍යයේ අදහසයි.