Latest News

පුටීන්ගේ නිවසට යුක්‍රේනයෙන් පහරදීම ගැන CIA වාර්තාවක් එළියට

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුක්‍රේනය විසින් මෑතකදී එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකදි රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ නිවස ඉලක්ක කර නොමැති බව අමෙරිකාවේ CIA සංවිධානය විසින් තක්සේරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

CIA සංවිධානයේ අධ්‍යක්‍ෂ ජෝන් රැට්ක්ලිෆ් මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වෙයි.

යුක්‍රේනය විසින් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටීන්ගේ නිවසකට පහරදීමට උත්සාහ කළ බවට රුසියාව ඉකුත්දා චෝදනාවක් එල්ල කළේය.

ඒ සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා තමන් සමග පැවති දුරකතන සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද පවසා තිබුණි.

කෙසේවෙතත් රුසියාවේ එම ප්‍රකාශය යුක්රේන ජනාධිපතිවරයා ද ප්‍රතික්‍ෂේප කළේය.

ඩ්‍රෝන යානා 90 ක් පමණ යොදාගෙන එම ප්‍රහාරය එල්ල කිරීමට උත්සාහ කළ බවත් සිය ගුවන් ආරක්‍ෂණ පද්ධතිය මගින් එම ඩ්‍රෝන යානා විනාශ කළ බවත් රුසියාව පවසා තිබුණි.

World News

Send your contact Details Today