Latest News

උපත් පාලනයටත් අද සිට චීනයෙන් බද්දක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2026 ජනවාරි 01 දා වන සිට ක්‍රියාත්මක වන පරිදි චිනයේ උපත් සංඛ්‍යාව ඉහළ දැමිම වෙනුවෙන් බදු සංශෝධන කිහිපයක් සිදුකර තිබේ.

මේ අනුව කොන්ඩම් වැනි උපත් පාලන ක්‍රම සඳහා සියයට 13ක විකුණුම් බද්දක් අය කරන අතර ළමා රක්ෂක සේවා එම බද්දෙන් නිදහස් කර තිබේ.

මිට දශක කිහිපයකට පෙර චීනය උපත් පාලනය කිරිම වෙනුවෙන් එක් පවුලකට එක් දරුවෙක් වැඩසටහන ක්‍රියාත්මක කරන අතර ඒ හේතුවෙන් මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් චීනයේ උපත් ප්‍රමාණය අඩුවි තිබේ.

කෙසේ වෙතත් උපත් ප්‍රවර්ධනය කිරිම වෙනුවෙන් චිනය මේ වන විට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් තිබේ.

බදු ක්‍රමයන් වෙනස් කිරිම, එය විවාහ ආශ්‍රිත සේවා සහ වැඩිහිටි සත්කාර අගය එකතු කළ බද්දෙන් (VAT) නිදහස් කිරිම, දෙමාපිය නිවාඩු දීර්ඝ කිරීම සහ මුදල් පත්‍රිකා නිකුත් කිරීම ආදිය ක්‍රියාත්මක කරමින් සිටියි.

වයස්ගත වන ජනගහනයක් සහ මන්දගාමී ආර්ථිකයකට මුහුණ දී සිටින බීජිනය, තරුණ චීන ජාතිකයින් විවාහ වීමට සහ දරුවන් දෙදෙනෙක් ලැබීමට දිරිමත් කිරීමට දැඩි උත්සාහයක් දරමින් සිටී.

නිල සංඛ්‍යාලේඛනවලින් පෙනී යන්නේ චීනයේ ජනගහනය අඛණ්ඩව වසර තුනක් අඩුව ඇති බවයි.

2024 දී උපත ලැබූ ළදරුවන් මිලියන 9.54 ක් පමණක් වන අතර එය දශකයකට පෙර වාර්තා වූ උපත් සංඛ්‍යාවෙන් අඩක් පමණ වෙයි.

World News

Send your contact Details Today