Latest News

ට්‍රම්ප් යළිත් නෙතන්යාහු දෙසට හැරෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා සාම සැලැස්මේ ඊළඟ අදියර පිළිබඳව ජනපති ට්‍රම්ප් සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සාකච්ඡා කිරීමට සූදානම් වේ.

ලෙබනනයේ සහ ඉරානයේ හිස්බුල්ලා සටන්කාමීන් සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අදහස් පළ කර තිබුණි.

මේ අතරතුරයි ගාසා තීරයේ ඇණහිට ඇති සටන් විරාමයේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල අගමැතිවරයාට බල කර ඇත්තේ.

ට්‍රම්ප් තමාට සාකච්ඡා සඳහා ආරාධනා කළ බව නෙතන්යාහු අගමැතිවරයා ද ප්‍රකාශ කර තිබේ.

ඊශ්‍රායල නායකයා ඉක්මනින් හමුවිය හැකි බවයි ට්‍රම්ප් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් මෙම රැස්වීම පිළිබඳ අදහස් දැක්වීමක් සඳහා කළ ඉල්ලීමකට ධවල මන්දිරය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

World News

Send your contact Details Today