Latest News

ඉන්දියාවෙන්, මධ්‍ය­ධ­රනී සහ ඉන්දු – පැසිෆික් කලා­පය එක් කරමින් නව වෙළඳ මාර්ගයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කාවේ දැඩි තීරු­බදු ප්‍රති­ප­ත්තිය සඳහා විකල්ප සොය­මින් සිටින ඉන්දි­යාව මධ්‍ය­ධ­රනී සහ ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් මැද­පෙ­ර­දිග හරහා අප්‍රිකානු කලා­පය දක්වා තීර­ණා­ත්මක ගමන් මාර්ග­ය­කට ප්‍රවේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි පසු­ගි­යදා ජෝර්දා­නය, ඉති­යෝ­පි­යාව සහ ඕමා­නය රට­වල සංචා­ර­ය­කට එක්වී­මත් සමඟ නව වෙළෙඳ ප්‍රවේ­ශ­ය­කට අව­ස්ථාව උදා වූ බව ඉන්දීය විදේශ කට­යුතු ඇමැති එස්. ජයි­ශං­කර් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

නරේන්ද්‍ර මෝදිගේ එම සංචා­රය අත­ර­තුර ජෝර්දාන, ඉති­යෝ­පියා සහ ඕමාන නියෝ­ජි­ත­යන් සහ ඉන්දීය නියෝ­ජි­ත­යන් අතර අව­බෝ­ධතා ගිවි­සුම් කිහි­ප­යක් ද හුව­මාරු වී ඇතැයි වාර්තා වේ.

මැද­පෙ­ර­දිග වැද­ගත් සංධි­ස්ථා­න­යක් වන ගල්ෆ් කලා­පයේ පිහිටි ජෝර්දා­නය සහ අප්‍රි­කාවේ වැඩිම ජන­ග­හ­ණ­යක් සහිත දෙවැනි රට වන ඉති­යෝ­පි­යාව සහ ඉරා­නයේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බට­හිර ඉන්දීය සාග­ර­යට යාබ­දව පිහිටි ඕමා­නය අතර ඉදි­රි­යේදී ඉන්දි­යාවේ නව වෙළෙඳ ප්‍රවේ­ශ­යක් ගොඩ­නැ­ඟෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳ­හන් කරයි.

World News

Send your contact Details Today