අමෙරිකාවේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සඳහා විකල්ප සොයමින් සිටින ඉන්දියාව මධ්‍යධරනී සහ ඉන්දු – පැසිෆික් කලාපය එක් කරමින් මැදපෙරදිග හරහා අප්‍රිකානු කලාපය දක්වා තීරණාත්මක ගමන් මාර්ගයකට ප්‍රවේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගියදා ජෝර්දානය, ඉතියෝපියාව සහ ඕමානය රටවල සංචාරයකට එක්වීමත් සමඟ නව වෙළෙඳ ප්රවේශයකට අවස්ථාව උදා වූ බව ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් ප්‍රකාශ කළ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
නරේන්ද්‍ර මෝදිගේ එම සංචාරය අතරතුර ජෝර්දාන, ඉතියෝපියා සහ ඕමාන නියෝජිතයන් සහ ඉන්දීය නියෝජිතයන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් ද හුවමාරු වී ඇතැයි වාර්තා වේ.
මැදපෙරදිග වැදගත් සංධිස්ථානයක් වන ගල්ෆ් කලාපයේ පිහිටි ජෝර්දානය සහ අප්‍රිකාවේ වැඩිම ජනගහණයක් සහිත දෙවැනි රට වන ඉතියෝපියාව සහ ඉරානයේ හෝමූස් සමුද්‍ර සන්ධිය සහ බටහිර ඉන්දීය සාගරයට යාබදව පිහිටි ඕමානය අතර ඉදිරියේදී ඉන්දියාවේ නව වෙළෙඳ ප්‍රවේශයක් ගොඩනැඟෙනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.