Latest News

ඉන්දියාවේ ප්‍රවීණ ක්‍රීඩකයෙකු AI ට එරහිව උසාවි යයි – අධිකරණයෙන් දුන් නියෝගය මෙන්න

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාවෙන් බිහිවූ ප්‍රවීණ සහ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන සුනිල් ගවස්කාර්ට අදාළ සියලු දේ පැය 72 ක් ඇතුළත ඉවත් කරන ලෙස Google, Meta හා X ඇතුළු වෙබ් අඩවි සහ අන්තර්ජාලයේ වේදිකා කිහිපයකට නවදිල්ලි මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ ඔහුගේ අවසරයකින් තොරව ඔහුගේ නාමය හෝ ඡායාරූප වාණිජමය වාසි සඳහා නීති විරෝධී ලෙස භාවිතා කිරීම වළක්වාලමින්.

ඒ අනුව ගවස්කාර්ගේ පෞරුෂය, අයිතිවාසිකම් ආරක්ෂා කරන බවට ප්‍රකාශයක් කරමිනුයි මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ.

කෘතිම බුද්ධි තාක්ෂණය(AI) හරහා ගවස්කර්ගේ පෞරුෂත්වයේ ලක්ෂණ භාවිතා කිරීමෙන් විත්තිකරුවන් කිහිප දෙනෙකුද වළක්වා ඇති අතර අන්තර්ජාලයට උඩුගත කරන ලද ඇතැම් අන්තර්ගතයන් ඉවත් කරන ලෙස නියෝග කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගවස්කාර්ගේ නම, රූපය සහ සමානත්වය භාවිතා කරමින් වෙළඳ භාණ්ඩ බෙදාහරින සමාජ මාධ්‍ය අතරමැදියන්ටද ඒවා ඉවත් කරන ලෙස නියෝග කර තිබේ.

පරිශීලකයින් නියමිත කාලය තුළ අන්තර්ගතයෙන් ඉවත් කිරීමට අපොහොසත් වූවහොත් සමාජ මාධ්‍ය වේදිකා ප්‍රවේශ අක්‍රිය කළ යුතු බවද දිල්ලි මහාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුවෙහි සඳහන්.

සමාජ මාධ්‍ය පිටු කිහිපයක් තමාට ව්‍යාජ උපුටා දැක්වීම් ආරෝපණය කරන බවත් අන්තර්ජාල විකුණුම්කරුවන් කිහිප දෙනෙකු තමා ව්‍යාජ ලෙස සම්බන්ධ කර ව්‍යාජ අත්සන සහිත අයිතම සහ වෙනත් වෙළඳ භාණ්ඩ ලබා දෙන බව ද හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් අධිකරණය හමුවේ පැමිණිලි කර තිබුණි.

World News

Send your contact Details Today