Latest News

චීනය සතු රහස් මිසයිල පද්ධතියක් ගැන අමෙරිකාවෙන් අනාවරණයක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන බලධාරීන් විසින්, නව “අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල” 100ක් පමණ භූගතව ස්ථානගත කර ඇතැයි පෙන්ටගනය අනාවරණය කර තිබේ.

අමෙරිකාවේ යුධ දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය විසින් කෙටුම්පත් කර ඇති වාර්තාවක් උපුටා දක්වමින්, අද (23) රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කළේ ය.

ඒ අනුව, චීන – මොන්ගෝලියා දේශ සීමාව ආසන්නයේ භූගතව ඉදිකර ඇති, “මිසයිල දියත් කිරීමේ පද්ධති” වල, නව මිසයිල රඳවා ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

“දොන්ග්-ෆෙන්ග් තර්ටි වන්” වර්ගයේ, අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල 100ක් පමණ ඊට ඇතුළත් වේ.

එම මිසයිල වලට කිලෝමීටර 7000කට වැඩි දුරක් ගමන් කළ හැකි බවද විදෙස් වාර්තා වල දැක්වේ.

කෙසේ නමුත්, එම මිසයිලවල ඉලක්ක මොනවාදැයි මෙතෙක් හඳුනාගෙන නැත.

න්‍යෂ්ටික අවි ප්‍රවාහනය සදහා නිර්මාණය කර ඇති “අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල” පවතින්නේ, අමෙරිකාව, රුසියාව, චීනය, ඉන්දියාව, සහ උතුරු කොරියාව ඇතුළු රටවල් කිහිපයක් සතුව පමණයි.

World News

Send your contact Details Today