Latest News

සිඩ්නි වෙරළ තීරයේ සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් පසුව අළු බඳුන ක්‍රිකට් තරගය ගැන විශේෂ තීරණයක්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

සිඩ්නිහි Bondi වෙරළ තීරයේ සිදු වූ වෙඩි තැබීමේ ප්‍රහාරය හේතුවෙන්, ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තීව්‍ර කළ ආරක්ෂක විධිවිධාන යොදවා ඇති බව බලධාරීන් ප්‍රකාශ කරයි.

ඉරිදා (14) දින Bondi වෙරළ තීරයේ යුදෙව් සැමරුමක් ඉලක්ක කර ගත් පියෙකු සහ පුතෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඒ අනුව මෙම ඛේදවාචකයෙන් පසුව, ඔස්ට්‍රේලියානු රජය සහ පොලිසිය විසින් මහජන ඒකරාශීවීම් සිදුවන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබේ.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය පීටර් මලිනවුස්කාස් සඳහන් කළේ, හෙට (17) ආරම්භ වන අළු බඳුන ටෙස්ට් තරගය සඳහා අමතර ආරක්ෂක ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.

කෙසේ වෙතත්, මේ මොහොතේ ඉහළ අවදානම් තත්ත්වයක් පවතින බවට බුද්ධි තොරතුරු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

දකුණු ඔස්ට්‍රේලියානු පොලිස් කොමසාරිස් ග්‍රාන්ට් ස්ටීවන්ස් පැවසුවේ, රයිෆල්වලින් සන්නද්ධ වූ විශේෂ ආරක්ෂක පොලිස් නිලධාරීන් ටෙස්ට් තරගය අතරතුර ඇඩිලේඩ් ඕවල් තුළ සහ අවට රැඳී සිටින බවයි.

මෙය පූර්වාරක්ෂක පියවරක් පමණක් බවත්, ප්‍රජාව තුළ රයිෆල් සහිත නිලධාරීන් සිටීම පිළිබඳ යම් කනස්සල්ලක් තිබුණද, ඕනෑම සිදුවීමකට ඵලදායීව ප්‍රතිචාර දැක්වීම සඳහා මෙම නිලධාරීන් විශේෂ පුහුණුවක් ලබා ඇති බවත්, කොමසාරිස්වරයා සඳහන් කර තිබේ.

World News

Send your contact Details Today