තායිලන්තය විසින් ලාඕසයේ ඉන්ධන සැපයුම් මාර්ගය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ කාම්බෝජය සමග දේශසීමා ගැටුම් උත්සන්න වීමත් සමඟයි.
තායිලන්ත හමුදාව පැවසුවේ, ලාඕසයේ දේශසීමා මුරපොලක් හරහා ගමන් කරන ඉන්ධන නැව්ගත කිරීම් කාම්බෝජයට හරවා යවනු ඇති යන බිය නිසා ඒවා අවහිර කළ බවයි.
තායිලන්තය පසුගිය දින කිහිපයේ කිලෝමීටර් 817ක් පුරා විහිදී ඇති දේශසීමාව දිගේ ස්ථාන කිහිපයකදී කාම්බෝජ හමුදාව සමග ගැටුම් ඇති කර ගත් බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සටන් විරාමයක් සඳහා යන්නැයි ඉල්ලීම් කළ ද එම උත්සාහයන් ද නොතකා සටන් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර දෙපාර්ශ්වයේම ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයින් හමුවන අග්නිදිග ආසියානු විදේශ අමාත්‍යවරුන්ගේ විශේෂ රැස්වීම පැවැත්වීමට නියමිතව තිබූ අතර එය තායිලන්තයේ ඉල්ලීම පරිදි දෙසැම්බර් 22 දක්වා කල් දමා ඇති බව මැලේසියා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.