Latest News

ජපානයේ භූ කම්පනයෙන් සිදු වූ හානිය ගැන නවතම තොරතුරු මෙන්න

Published 3 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානයේ ඊයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් 30 දෙනෙකුට තුවාල සිදුව තිබේ.

උතුරු ජපානයේ සිදු වූ රිච්ටර් පරිමාණ එකක 7.5 ක භූමි කම්පාව හේතුවෙන් ගොඩනැගිලි කඩාවැටීමෙන් මෙලෙස තුවාල සිදුව තිබෙන බව සඳහන්.

අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් කිලෝමීටර 50 ක් ගැඹුරින් මුහුදේ භූමිකම්පාව හටගත්තේ ජපාන වේලාවෙන් රාත්‍රී 11:15 ටයි.

ඒ සමඟම සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර එය පසුව ඉවත් කර ගැනුණි.

කෙසේ වෙතත් සෙන්ටිමීටර 70ක උදම් රළ ඇතිවූ බවද සඳහන්.

මේ අතර ඉදිරි දිනවලදී ප්‍රබල භූ කම්පනයක් සිදුවිය හැකි බවට ජපාන බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ මහජනතාව අවම වශයෙන් සතියක්වත් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

World News

Send your contact Details Today