සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය අද (14) රාවල්පින්ඩි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණද ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ඇති වූ ආරක්ෂක සම්බන්ධයෙන් වන ගැටළු හේතුවෙන් මෙම තරගය අද දිනයට කල් දැමීමට පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබුණේය.
ඒ අනුව අද මෙම තරගයට ශ්‍රී ලංකා පිළ පිවිසෙන්නේ දැඩි ආරක්ෂක රැකවල් සහිතව වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ආරක්ෂක හේතුන් මත තරගාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අකමැති වීමෙන් පසු ඔවුන්ට එරට තුළ රාජ්‍ය නායකයෙකුට පවා හිමිවන උපරිම ආරක්ෂාව ලබා දීමට පාකිස්ථානය විසින් තීරණයකර තිබේ.
ඒ අද තරගයට ප්‍රථමව ඊයේ පැවති අවසන් පුහුණු සැසියේ දී ද මෙරට ක්‍රීඩකයින්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබූ අතරම පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා සහ පාකිස්තාන කණ්ඩායම පැමිණ ක්‍රීඩාංගනය තුළට මෙරට ක්‍රීඩකයින් මහත් හරසරින් පිළිගනු ලැබුවේය.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) පස්වරු 03.00ට රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ආරම්භ වීමට නියමිතව තිබේ.