Latest News

2025 නැගී එන තරු අතර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය මේ බව නිවේදනය කර ඇති අතර, මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇත්තේ තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේටයි.

නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙක් ඇතුළත් වන අතර, යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

ඊට අමතරව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක,නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, සහන් ආරච්චි වැනි ක්‍රීඩකයින් ද මෙම සංචිතයට ඇතුළත්කර තිබේ.

කටාර්හි සත්කාරකත්වයෙන් එළඹෙන 14 වනදා සිට 23 වනදා දක්වා 2025 නැගී එන තරු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩයම් අටක් සහභාගී වේ.

World News

Send your contact Details Today