සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු බලය අල්ලා ගත් එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ සන්නද්ධ කණ්ඩායම් එක් වී පිහිටු වූ නව අන්තර්වාර රජය, පළමු පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වනවා.
සිරියානු අන්තර්වාර රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය ලබන සැප්තැම්බර් 15 වැනිදා සහ 20 වැනිදා අතර දිනයක පැවැත්වෙනු ඇති බවයි.
සිරියානු පාර්ලිමේන්තුව ආසන 210 කින් සමන්විතයි.
පසුගිය වසරේ දෙසැම්බරයේ, බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරලා දැමීමෙන් පසු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සිරියාවේ බලය අල්ලා ගැනීමට සදහාය දුන් සටන්කාමී නායක අහ්මද් අල් ෂාරා, වර්තමානයේ සිරියාවේ අන්තර්වර ජනාධිපති ලෙස කටයුතු කරනවා.