ශ්‍රී ලංකාවේ බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් සකස් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව බස් රථ සඳහා කොමිෂන් සභාව ලබාදෙන ධාවන බලපත්‍රවල අඩංගු කොන්දේසි මෙන්ම පළාත් සභා වලින් බස් රථ ධාවන බලපත්‍ර නිකුත් කිරීමේ දී අඩංගු කොන්දේසි සියල්ල එක්කර ගනිමින් මෙම අයිතිවාසිකම් ලැයිස්තුව පිළියෙළ කිරීමට සැළසුම්කර තිබෙනවා.
මෙම කරුණු සම්බන්ධයෙන් බස් රථ සංගම් සහ මගී සංගම් සමග සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹීමට නියමිත බවයි, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.
මේ අතර මාර්ග තදබදය අවම කිරීම සහ අනතුරු වළක්වා ගැනීම සඳහා විශේෂ රථවාහන මෙහෙයුමක් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ලබන 19 වනදා දක්වා එම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව පළමු මෙහෙයුම මගින් රථවාහනවල විවිධ නාද රටා විවිධ වර්ණ සහිත නිවෙන දැල්වෙන අමතර පහන්, නීතිවිරෝධී සවිකිරීම්, ඝෝෂාකාරී නලා, අධික ශබ්ද සහිත සයිලන්සර්, අනතුරු ඉහළ යන ආකාරයෙන් සවිකර ඇති රූප සහ පිළිම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනවා.