Latest News

කුසල්, වනිඳු හා චමරිට ICC වාර්ෂික සම්මාන සඳහා මනාප පළ කිරීමට ඔබටත් අවස්ථාවක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සම්මාන සඳහා නිර්දේශිත නම් මේ වනවිට ICCය එළිදක්වා තිබෙනවා.

2024 වසරේදී කැපී පෙනෙන දස්කම් පෑ කමිඳු මෙන්ඩිස් මෙවර වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වූ සම්මානයට නිර්දේශ වී තිබීම විශේෂත්වයක්.

කමිඳු මෙම වසරේදී ජාත්‍යන්තර එක්දින ,ටෙස්ට් සහ පන්දුවාර 20 තරග 32කට ක්‍රීඩා කර ලකුණු 1,451ක් ලබා ගත්තේ සාමාන්‍ය 50යි දශම 03ක් රඳවා ගනිමින්.

කමිඳුට අමතරව වසරේ නැගී එන ක්‍රීඩකයා සඳහා පාකිස්ථානයේ සයිම් අයුබ්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ශමාර් ජෝසෆ් සහ එංගලන්තයේ ගැස් ඇට්කින්සන් ද නිර්දේශ වී තිබෙනවා.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා වූ සම්මානයට නිර්දේශ නම් අතරට ශ්‍රී ලංකාවේ කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග එක් කර තිබීමත් විශේෂත්වයක්.

වනිඳු මෙම වසරේදී එක්දින කඩුලු 26ක් දවා ගැනීමට සමත්ව ඇති අතර කුසල් මෙන්ඩිස් 2024 වසරේදී එක්දින ඉනිම් 17කදී ලකුණු 742ක් රැස් කරගෙන තිබෙනවා. ඒ සාමාන්‍ය 53.00ක් රඳවා ගනිමින්.

කුසල් සහ වනිඳුට අමතරව වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා සඳහා නිර්දේශ වූ සෙසු ක්‍රීඩකයින් වන්නේ ඇෆ්ගනිස්ථානයේ අස්මතුල්ලා ඔමාර්සායි සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ෂෙර්ෆාන් රදර්ෆර්ඩ්.

වසරේ එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව සහ පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වූ සම්මාන ද්විත්වයටම ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු නිර්දේශ වී තිබෙනවා.

චමරි මෙම වසරේ එක්දින පිටියේ තරග 9කදී ලකුණු 458ක් රැස්කළ අතර පන්දුවාර 20 තරග 21කදී ඇය ලකුණු 720ක් රැස්කර ගෙන තිබුණා.

ඒ අනුව ICCයේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් චමරි, කමිඳු,කුසල් සහ වනිඳු ඇතුළු ක්‍රීඩකයින්ට සිය කැමැත්ත පළ කිරීමට ක්‍රීඩා ලෝලින්ට ද අවස්ථාව උදා වී තිබෙනවා.

World News

Send your contact Details Today