මිය ගිය තල්මසෙකුගේ සිරුරක් හලාවත – කුරුසපාඩුව ප්රදේශයේ වෙරළට ගොඩ ගසා තිබිය දී සොයාගෙන තිබෙනවා.
අඩි 20ක් පමණ දිගකින් යුත් මෙම මිය ගිය තල්මසාගේ සිරුර ඊයේ (20) පස්වරුවේ මුහුදු වෙරළට ගොඩගසා ඇති බවයි වාර්තා වුණේ.
මෙම සත්වයා ඊයේ (20) දහවල් කාලයේ හලාවත මෝය ආසන්නයේ සැරිසරමින් සිටිය දී ධීවරයින් විසින් ගැඹුරු මුහුදට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඊයේ (20) පස්වරුවරුව වන විට මෙම තල්මසාගේ මියගිය සිරුර මෙලෙස කුරුසපාඩුව වෙරළට ගොඩ ගසා ඇති බවයි Radio WESL වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර පසුගිය දා බම්බලපිටිය වෙරළට ද මිය ගිය තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා තිබිය දී සොයා ගැනීමට හැකි වුණා.